මහත්මා ගාන්ධිතුමා මැත කාලීන ඉතිහාසයේ විශිෂ්ටතම චරිත අතරින් ප්‍රමුඛ චරිතය ලෙසින් හඳුන්වන්න පුළුවන්. එතුමා පිළිබඳව විවිධ මතවාද තිබුණත් රටක් විදිහට අද ඉන්දියාව අද ලබා තිබෙන ප්‍රගතියේ පෙර ගමන්කරුවෙක් ලෙස එතුමා නොවලහා පෙන්නුම් කළ හැකිය. තමන් ළඟ තිබෙන දුබලතා නිවැරැදිව හඳුනාගෙන ඉන් පසුව ඒවා නිවැරැදිව වෙනස් කරගෙන සමස්ත මානව වර්ගයා වෙනුවෙන් කළ සේවය සදානුස්මරණීයය.
පළමුවෙන්ම එතුමා ගැන සිහිපත් කරද්දි මතකයට නැගෙන අවස්ථාවක් වන්නේ වර්ණභේද වාදය තදින්ම පැවැති වකවානුවේ දී නීතීඥයෙකු ලෙස කටයුතු කිරීමට දකුණු අප්‍රිකාවට යන ගමනයි. පසුකාලීනව ගාන්ධි චරිතය ඇසුරෙන් නිපදවූ ගාන්ධි චිත්‍රපටියේදී ද මෙම අවස්ථාව මැනවින් නිරූපනය වූ බව සිහිපත් වේ. නොදැනුවත් කමින් එතුමා ගමන් ගත‍්තේ කල්ලන් යා යුතු යැයි වෙන්කෙරුනු දුම්රිය මැදිරියේ නොව සුදු මිනිසුන් සඳහා වෙන්කොට තිබුණු දුම්රිය මැදිරියේය. දුම්රිය ප්‍රවේශ පත්‍ර පරීක්‍ෂකයන් පැමිණ ගාන්ධි තුමාගේ ප්‍රවේශ පත්‍රය පරීක්‍ෂා කොට තහනම් මැදිරියක ගමන් කිරීමේ වරදට ඊළඟ දුම්රිය නැවතුමේදී එතුමාව දුම්රියෙන් එළියට ඇද දමන ලදි.
නීතීඥ විෂයට අධුනිකයෙකු වූ එතුමා මෙම සිද්ධිය වන විට තරුණ අවධිය ගත කරමින් සිටියේය. අද දවසේ ලාංකික තරුණයෙකු මෙබඳු අවස්ථාවකදී කටයුතු කරන ආකාරය අපි දනිමු. තරුණයන් පමණක් නොව ඉතාම සුළු සිද්ධියකදී පවා කඩු කිණිසි අමෝරාගෙන සටනට පැමිෙණන අකාරය අපගේ පාසැල් සහ විශ්ව විද්‍යාල ප්‍රජාවන්හී පවා සුලභ අත්දැකීමකි.ගාන්ධිතුමාගේ පමණක් නොව සමස්ත ලෝක වැසියාගේම අභිවෘද්ධිය වෙනුවෙන් නිර්මාණය වූ අවස්ථාවක් වන්නේ එය යැයි සිතේ.
කරුණු ඇති සැටියෙන් තේරුම් ගත් එතුමා සිය නීතීඥ විෂය මැනවින් හැදැරූවේය. බොරු වීරයෙන් නොවී තමා ශක්තිමත් විය යුත්තේ කවර කරුණූ වලින්දැයි නිදහසේ සිතීය.මෙහි ප්‍රතිඵලයක් වූයේ මානව අයිතිවාසිකම්, මානව හිමිකම් , වර්ණභේද වාදය යනාදිය ගැන සමස්ත ලෝකයේම මිනිසුන්ගේ අවබෝධය වැඩි දියුණු විමයි. එදා එතුමාට යම් අපහසුතාවයකට මුහුණ පෑවාද එහි පාඩුව පිරිමසා ගත්තේ “අවිහිංසාවාදයේ පියා ’’ යනුවෙන් විශ්වයේ කිසිවෙකුටත් යළි ලබා ගත නොහැකි සන්නම් නාමයක් ඇති කර ගනිමිනි.
අද දවසේ අපගේ තරුණයන්ද සිය තාරුණ්‍යය ගැන විශේෂයෙන්ම සිහිපත් කළ යුතු කාලය පැමිණ ඇතියි සිතේ.තරුණ්‍ය යනු හුදෙක් කාලය කා දමමින් අනවශ්‍ය මුදල් වියදම් කරමින් හිස්ව ගත කරන අවධියක් නොව එලැඹෙන “අවස්ථාවන් ” නිසියාකාරයෙන් ප්‍රයෝජනයට ගැනීමය. තාරුණ්‍ය යනු වෙළෙන්දන්ට ලාභ ලැබෙන අයෝජනයකි. මෙම වෙළෙන්දන් විසින් අද තාරුණ්‍ය යැයි හඳුන්වා දී තිබෙන්නේ විකෘතියකි. ඒ අනුව අද අපේ තාරුණ්‍යය ඩෙනිම් කලිසම , ජෙල් ගා ස්පයික් කරගත් කොණ්ඩය ,අත පුරා ඇති ෙෆ්‍රන්ඩ්ෂිප් බෑන්ඩ් , ටැටු ,කොටු සහිත කමිස , එම්බාක් සෙරෙප්පු , කනේ ගසා ගත් mp3 යනාදියට කොටු කර ඇත. අප අපගේ අනන්‍යතාවය යැයි රැකගන්නට උත්සහා ගන්නේ කුමක්ද ? සෑම ඉන්දියානු චිත්‍රපටයක පවා සෑම චරිතයකම මුව’ගට තමා “ඉන්දියානුවෙක් ” යැයි කීමට තරම් කරුණු පෙළ ගැසී ඇත. අපගේ නිර්මාණකරුවන් ජාත්‍යාන්තරය ජය ගැනීමට උත්සහ කරද්දි ඉන්දියානුවන් සිය ස්වදේශිකත්වය ගැන උදම් අනයි. පැජෙරා හෝ ප්‍රාෙඩා නොමැතිව අපට කටයුතු කරන්නට නොහැකි වුවද ඉන්දියානු පාලකයනට ඇම්බැසඩර් දිව්‍ය විමානයකි. අද ඉන්දියාවේ මෙම පරමාදර්ශයට ගාන්ධිතුමා ඇතුළු ජාතික තලයේ සියළු නායකයෝ එකල වෙහෙස මහන්සි වී කටයුතු කළහ.
ගාන්ධිතුමාගේ ප්‍රමුඛ පාඨය වූයේ “ අන් අය වෙනස් කිරීමට කලින් තමා වෙනස් විය යුතුය ”
යන්නයි.
ඔබත් මමත් අන් අය වෙනස් කිරීමට පෙර මුලින්ම “ මම ”වෙනස් වීමට කාලය පැමිණ ඇත.
එම වෙනස සඳහා තවත් දවසක බ්ලොග් සටහනකින් මුණ ගැසෙමු.
එතෙක් ඔබට ජය
No comments:
Post a Comment