TAB1
TAB2
Tab3
Tab4
Tab5
   Browse Items
Tab 1 Content
Widget by Bloganol  

Steve Jobs ස්ටීව් ජොබ්ස් නැවත පැමිණෙනු ඇත.

ස්ටීව් ජොබ්ස් නැවත පැමිණෙනු ඇත.
1955.02.24 -2011.10.05

ස්
ටීව් ජොබ්ස් . නැවත පැමිණීම සඳහා නික්ම ගියේය. එම විශිෂ්ටයා ගැන කෙටියෙන්ම පැවසිය හැක්කේ එසේය.ස්ටීව් ජොබ්ස්  අපේ වීරයා. අවුරුදු 56 ක් ජීවත් වෙමින්  මිනිස් සංහතිය වෙනුවෙන් දැවැන්ත ක්‍රියාවලියක නිරත වූ  ඔහු සිය කාර්ය කොටස අවසන් කර නික්ම ගොස් මේ සටහන තබන අදට දින තුනකි. අද පරම්පාරාවට නැවුම් සජීවී  පරමාදර්ශ අවශ්‍යම මොහොතක ස්ටීව් ජොබ්ස් නික්ම යෑම මිල කළ නොහැකි පාඩුවකි. සටීව් ජොබ්ස්  අපේ කාලයේ වීරයෙක් වන්නේ නවෝත්පාදකයෙක් වශයෙන් අපට සපයන පරමාදර්ශය නිසාය .
   ස්ටීව් හදා ගත් දරුවෙකි. ජීව විද්‍යාත්මක මව විසින් දරුකමට මොහු වෙනත් පවුලකට හදා ගැනීමට දී ඇත. ඔහුට නම පවා ලැබුණේ හදාගත් දෙමාපියන් ගේ නමය.  ‍කුසට නිසි අහරක් නැතිව  ජීවිතයේ අතරමං වු අයෙකි. එක් වේලකින් පසු අනික් වේල සපයා ගන්නේ කෙසේදැයි තමන්ගෙන්ම අසා ඇති වාර ගණන දන්නේ ඔහු පමණි. ආහාර සපයා ගැනීම සඳහා ඔහු සතුව තිබුණු ‍කො‍කාකෝලා  බෝතල්  පවා විකුණා ඇත.  ඔහුට කුස පිරෙන තෙක් ආහාර වේලක් ලැබෙන්නෙ සතියකට වරකි. එයද හැතැප්ම හතක් පයින්  ඇවිද ‍ගිය කළ තිබෙන හරේ ක්‍රිෂ්ණ පන්සලෙනි.
  මේ කාලයේදී රීඩ් සරසවියෙන්  අක්‍ෂර විද්‍යාව පිළිබඳ පාඨමාලාවට සහභාගි වන්නේ එයට තිබුණ කැමැත්ත නිසාවෙනි .  ස්ටීව් ජොබ්ස් අවුරුදු 20 දී ඇපල් පරිගණකය ලොවට හඳුන්වාදීමේදී යොදාගත්තේ සරසවියේදී ඉගෙන ගත් අක්‍ෂර පාඨමාලාවයි.
   මිතුරන්ගේ කාමර වල බිම නිදාගනිමින්  , කුසට නිසි අහරක් නොමැතිව  ස්ටීව් ජොබ්ස් ලෝකයේ ප්‍රමුඛ ධනවතුන් දසදෙනා අතරට ඔසවා තබන්නට ‍ ඔහුගේ ආත්ම විශ්වාසයට සහ නොපසුබට වීර්යයට ඉන් හැකියාව ලැබුණා. ඔහු ගේ ජීවිත කතාව විමසීමේදී ජීවිතය පිළිබඳ ඔහුගේ දර්ශනය අපට වැදගත්.ඇපල් මැකින්ටොෂ් පරිගණක නිෂ්පාදනය කර වසර 10 ක් යන විට ඇමෙරිකානු ‍ඩොලර් බිලියන 2 ක වත්කමක් ඇති සේවකයන් හාර දහසක් යුක්ත අති දැවැන්ත සමාගමක් නිර්මාණය වීම ඉබේ ඇති වූ සිදුවීමක් නොවෙයි .

" .....අප අතීතයේ ඉගෙන ගත් දේ , වර්තමානයේ ඉගෙන ගන්නා දේ  අපේ අනාගතයේ දී කොතරම් දුරට වැදගත් වේද යන්න මෙහිදී අප වටහා ගත යුතුයි. අප අනාගතය ගැන පමණක් සිතීමෙන් වැඩක් නැහැ. අප අනාගතය ගැන සිතිය යුත්තේ අපේ අතීත පාඩම්ද සමගයි..... "

" .....අපට අප කරන කියන දේ ගැන විශ්වාසයක් තිබිය යුතුයි.  එසේත් නැතිනම් අපේ ධෛර්යය , අපේ ශක්තිය , අවංක කැපවීම පිළිබඳව අපේ විශ්වාසයක් තිබිය යුතුය..... "

 වරක් ජොබ්ස් තමාගේ දහඩිය කඳුලින් නිර්මාණය කරන ලද ඇපල් සමාගෙන් නෙරපා හරිනු ලැබීය. පසු කලෙකදී ඔහු ඒ පිළිබඳව තබන සටහන
" .....මම ඇපල් සමාගමෙන් එළියට විසි නොවුයේ නම් මේ තරම් ජයග්‍රහණ රැසක් මට ලැබේ වී යැයි මම කිසි විටෙකත් සිතන්නේ නැහැ .අත්දැකිමක් ලෙස සළකන විට මෙහි කිසිම සුන්දරත්වයක් නැහැ .‍මට මේ තුළ අත්දකින්ට සිදු වූ දේ හරියට තිත්ත බෙහෙතක් ගන්නවා වගෙයි.එහෙත් අපට සුව වීමට නම් මේ කටුක යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාර හෝ තම තමන්ගේ  ක්‍ෂෙත්‍ර ගත්තොත් එහි සමස්ත සාර්ථකත්වය වෙනුවෙන් අපට තිත්ත අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. එය අප කවුරුත් වටහා ගත යුතුයි. මගේ ජීවිතය ඇසුරෙන් මම ඔබට කියන්නේ කිසි දිනෙක තමන් ඇලුම් කරන දෙයින් මිදෙන්න එපා. ඒ තුළ ජීවත් වන්න. එහි තිබෙන මිහිර කටුක බව අත්දකින්න . අවසානයේ ඔබට ඔබ විශ්වාස කරන ඔබ ඇලුම් කරන ඔබ කැප කිරීම් කරන ක්ෂෙත්‍රය ජය ගත හැකි විමයි..... "

" .... ගත වූ වසර 33 පුරාවටම මම මේ දේ සෑම දිනකම මෙනෙහි කළා. සැම උදෑසනකම කණ්නාඩිය ඉදිරියට යන මම  අද මගේ ජිවිතයේ අවසාන දවස නම්  මම තව කවර කාර්යයක් නිම කළ යුතුව තිබේද ? මේ ප්‍රශ්නයට  මගෙන්ම එන පිළිතුර නැත යන්න නම්  එයින් මම හිතන්නේ මට වෙනස් විය යුතු වෙනස් කර ගත යුතු බොහෝ දේ තිබෙන බවයි"

" ....මම ඉක්මනින්ම මැරෙනවා යන්න සෑම දිනෙකම සිතීමත් මගේ ජීවිතයේ මේ තරම් ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වූ එක් කරුණක් බව ඔබට කිව යුතුයි....."   

" ...අප කාටත්  මැරෙන්න අවශ්‍යතාවක් නැහැ . දෙවියන් ලඟට යන්නට කැමැත්තෙන් සිටින අය පවා මරණය පසු කොට එතැනට යන්නට කැමැති නැහැ. නමුත් අප සියලු දෙනාගේම ජීවිත මරණයෙන් කෙළවර වෙනවා. එය යථාර්ථයක් . අපේ ජීවිත වල පරණ දේ ඉවත් කොට අලුත් දේ ගැන සිතන්නට යොමු කරවන්නේ මරණයයි. මරණය අපේ ජීවිත වලට ලැබුණු හොඳම නිර්මාණයක්. ඒ වගේම ප්‍රධානතම  වෙනස් විම්   කාරකයාය.මරණය ගැන මේ තරම් නාට්‍යමය ආකාරයක් දෙනවාට සමාවන්න . නමුත් යථාර්ථය එයයි. ...."
"....මේ සුළු කාලය තවත් කෙනෙකුගේ ජිවිතය මත ජීවත් වීමට උත්සහ නොකරන්න.තනිවම මේ සුළු කාලය අභිමානයෙන් යුතුව ගත කරන්න. සෙසු අයගේ හඬට යටත් නොවී තමන් හඬ  අවදි කරන්න උත්සහ කරන්න. ඒ සඳහා කැප වන්න.එවිට සෙසු අය ඔබට යා යුතු තැනට යන්නට ඔබට ඉඩ කඩ සලසා දේවී . එතෙක් ධෛර්ය සම්පන්නව යථාර්ථය හඳුනාගෙන  වැඩ කරන්න...."

   මේ සියල්ල අප වෙත පවසා ඒ විශිෂ්ටයා වේදිකාවෙන් ඉක්මනින්ම බැස ගියේ යළි එනු පිණිස යැයි මම විශ්වාස කරමි.
kandyangate@gmail.com