සුගිය කාලයේ එකිනෙකට පරස්පර හා ඇතැම් විට එකිනෙකට සම්බන්ධ සිද්ධීන් දාමයක්ම ඇති වුණා. ලියන්න හිතාගෙන හිටපු දේවල් විටින් විට වෙනස් වුණා. එත් අද හිතුවා ජීවිතයට යමක් එකතු කළ යැයි කියා.
සුගිය සතියේ ලංකාවේ සෞන්දර්යවේදීන්ට අත්විඳින්ට සිදුවූයේ ප්‍රධානම යුග පුරුෂයන් තිදෙනෙකුගේ අභාවයන් නිසා මහත් මානසික පීඩනයකටය.ජෝ අබේවික්‍රම , කේ.ජයතිලක සහ විජේරත්න රණතුංග යන ප්‍රවීන කලාකරුවන් තිදෙනාගේ අභාවයන් එකම වකාවනුවක සිදූ වීම පිළිබඳව යොමු නොවන්නේ නම් පුදුමයකි. මේ තිදෙනාම කලාවේම විවිධ අංශයන්ගේ මහ ප්‍රභලයන් තිදෙනෙකි. තවත් මිනිසෙකුගේ හදවතට කතා කළ හැකිනම් ඔහු කලාකරුවෙකි. තවත් මිනිසෙකු සිටින තැනින් ඉහළ යාමට ඔහුගේ සෞන්දර්ය භාවිතාව හේතු වූවා නම් ඔහු කලකරුවෙකි. මේ සටහන තබන මෙහොතෙත් ජෝ අබේවික්‍රම පරයා සොල්දාදු උන්නැහේ මසිත වෙලා සිටියි. මා සිතන ආකාරයට මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් පසු විධිමත් ශාස්ත්‍රාලීය අධ්‍යාපනයක් නොලත් ප්‍රාඥයා වන්නේ කේ ජයතිලකයන්ය. විජේරත්න රණතුංගයන් සිය අතැඟිලි තබ්ලාව මත රඟ පෑ මනස්කාන්ත පෙළහර සජීවීම යළි දැකිය නොහැකිය.
යම් අයෙකුට සිය කටයුතු ඉදිරියට දියුණු කර ගෙන යෑමට ප්‍රවීනයන්ගෙන් ලැබෙන සුසමාදර්ශය අතිශයින්ම වටින්නේය.අද දවසේ අපගේ තරුණ කලාකරුවන් වල්මත් වී සිටින අකාරය දෙස බලන විට දැනෙන්නේ අනුකම්පාවකි. ඔවුන් බොහෝ විට ජනතාව ඉල්ලා සිටිනදේ දීමට බැඳි සිටින බව නිරන්තරයෙන්ම ප්‍රකාශ කරනු ඇසී ඇත. ජනතාව ඉල්ලා සිටින දේ දීමට කලාකරුවන් යැයි ප්‍රකාශ කරන කොටසක් සිටිය යුතු නැත. ඒ වෙළෙඳ හඬකි.ප්‍රෙක්‍ෂකයන්ගේ මනෝභාවයන් දියුණු කල යුත්තේ කලාකරුවන් විසිනි.කලාකරුවන් සාමාන්‍ය මිනිසුන්ට ඉදිරියෙන් ගමන් කළ යුතුය. ජීවිත ගමනින් සමුගන්නා පරමාර්ශ චරිත අහිමි වීමෙන් කියා පාන්නේ වල්මත් වන ක්‍ෂෙත්‍රයේ කතාවයි.අවසන් විග්‍රහයේදී ප්‍රේක්‍ෂකයන්ද වල් මත් වීමයි.
මා මෙහි එන විට මුළු උයනෙහිම
පාට පාට මල් පිපි තිබිණ
හැම තැනම සුවඳින් පිරී ඇත.
මල් බර වසන්තය
කෙතරම් සුන්දරද ?
දැන් මල් සමය අවසන්ය
මල් තිබු අතු-ඉති වල
ගෙඩි හට ගන්නට දඟලයි.
ඒවා පැසී ඉදුනු විට ඉතා
රසවත් වනු ඇත.
එසේ වුවත් එතෙක් මට
පමා විය නොහැකිය
වහාම මා යා යුතුය.
kandyangate@gmail.com